Advertisement

අමාත්‍ය සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සදහා පසුගිය 12 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේ කුමන්ත්‍රණයක් දියත් වූ බවත් ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධ බව සදහන් මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.


ඒ බව සදහන් ෆේස් බුක් පෝස්ටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහෝදර ශාන් වික්‍රමසිංහගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ විසින් ද සිය ෆේස් බුක් ගිනුමේ සදහන් කර ඇත.

අප්‍රේල් 12 වෙනිදා හිල්ටන් හෝටලයේ මහා කුමන්ත්‍රණයක් ලෙස එය නම් කර තිබේ.

අදාල ෆේස්බුක් ජයාරුපයට අමාත්‍ය මංගල සමරවීර හාස්‍යයෙන් පිළිතුරු ලබා දී තිබෙනා අතර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කර ඇත්තේ අමාත්‍යවරයා අදාළ 12 දින මෙරට නොසිටි බවය.

කෙසේ වෙතත් අදාළ බරපතල චෝදනාව එල්ල කරනා ඉෂිනි වික්‍රමසිංහ කලක් සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස ද කටයුතු කල අතර වර්තමානයේ ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රචාරක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

news tub

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements