Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේ‍යෂඨත්වය ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි.

‘දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම්් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ. එංගලන්ත රජ පවුල ද මේ තියෙන්නේ.

ජනාධිපති මැතිවරණය කොට්ඨාස මැතිවරණයක් නෙමෙයි. ජනාධිපතිවරණයෙන් මුළු ලංකාවම එක ඡන්ද කොට්ඨාශයක් වෙනවා.

අපට තිබෙන බහුතරයෙන් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න බෑ’ යයිද ඔහු සඳහන් කළේය.

තමන් මෙරට විධායක ජනාධිපතිවරයා වුවහොත් විධායක ජනාධිපතිධුරය මාස හයක් ඇතුළත අහෝසි කරන බව ද වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements