Advertisement

පසුගිය ඉරිදා දිනයේ කොළඹ ඇතුළු තදාසන්න ස්ථාන 08කට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් මේවන විට 300කට අධික ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.

අදාළ සිදුවීම්වලින් මෙරට අය මෙන්ම විදේශිකයන්ද මියගියා. ඒ වගේම සිය ජීවිතය 99න් බේරුණු අවස්ථාද  ගොසිප්99 අප ඔබට වාර්තා කළා.

කෙසේවෙතත් අප මේ කියන්න යන්නේ මෙලෙස එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් දිවිගලවා ගත් අය අතර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් ගැනයි.

ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ යොවුන් ක්‍රීඩක හසිත බොයගොඩ එම ක්‍රීඩකයින් දෙදෙනායි.

දසුන් ශානක ප්‍රහාරය එල්ල වූ මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ එම මොහොතේ දී රැදී නොසිටියේ ඊට පෙර දින ඔහු අනුරාධපුරයේ සිට යළි සිය නිවස වෙත පැමිණීම හේතුවෙන් ඇති වූ වෙහෙසකාරී බව හේතුවෙන්. නමුත් ඔහුගේ මව සහ මිත්තණිය ප්‍රහාරය සිදු වන අවස්ථාවේ රැදී සිටියේ දේවස්ථානය තුළයි.

එහිදී ඔවුන් දෙදෙනාටම තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තමා මව සහ මිත්තණිය සොයා නිවසේ සිට දේවස්ථානය තුළට පැමිණි බවත්, එහිදී පළමුව මව සොයා ගැනීමට හැකි වූ බවත්, දසුන් ශානක සදහන් කළා.කෙසේ වෙතත් දේවස්ථානයේ එම මොහොතේ පැවැති තත්ත්වය මත සිය මිත්තණිය ජීවතුන් අතර නොසිටිනු ඇතැයි තමා අපේක්ෂා කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මිත්තණිය වටා සිටි බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව තමා දුටු බව බවත්, අවසානයේ වාසනාවකට මෙන් සිය මිත්තණිය ජීවතුන් අතර සිටිනු දැක ගැනීමට හැකි වූ බවත් දසුන් ශානක කියා සිටියා.

මේ අතර, යොවුන් ක්‍රීඩක හසිත බොයගොඩ ෂැන්ග්‍රිලා හෝටලයට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එහි රැදී සිට ඇත්තේ සිය පවුලේ සාමාජිකයින් සමග උදෑසන ආහාරය ගනිමිනුයි. කෙසේ වෙතත්, අදාළ ප්‍රහාරයෙන් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සුළු තුවාල පමණක් සිදුව ඇති බව වාර්තා වනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements