Featured News

Video Gossip

Advertisement

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට රුපියල් කෝටි 7900 (මිලියන හැත්තෑනවදහසක) මුදලක් ණය ලබා දී ඇත. ඒ අනුව ව්‍යවසායකයන් හා ප්‍රතිලාභීන් හතළිස් හත්දහසකට සෙත සලසා දෙමින් ණය මුදල් පිරිනමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කෙළේය.

නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණ ඇතිව මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ සංකල්පයකට අනුව මේ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ උසස් නිලධාරියා මෙසේද කීය.

වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇත්තේ “සොඳුරු පියස” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ය. එම ණය සංඛ්‍යාව 20,286කි. “ගොවි ජනතාව” වෙනුවෙන් ක්‍රියාත්මක “රන් අස්වැන්න” සහ “ ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රම වෙත ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අනුව “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සංඛ්‍යාව 17,484කි. “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 3,337ක් ලබා දී ඇත.

නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ජය ඉසුරු” ණය යෝජනා ක්‍රමය යටතේ ණය 2258ක් නිකුත් කර තිබේ. පරිසර හිතකාමී සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 1339ක් නිකුත් කර ඇත. නව මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සහ උපකරණ අලුත්වැඩියා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන් 661 දෙනෙකුට මේ දක්වා “මාධ්‍ය අරුණ” ණය ලබා දී තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ වූයේ 2018 වසරේ ජුනි මස 21 වැනිදා ය. උතුරු නැ‍ඟෙනහිර ඇතුළුව දිවයිනේ සියලු ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුළු විවෘත කිරීමට පියවර ගත් අතර එම වසර අවසානය වන විට ලබා දී තිබූ ණය සංඛ්‍යාව 39,000ක් පමණ විය. මෙම ණයවල පොලිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය මඟින් අදාළ බැංකු වෙත ගෙවීම සඳහා රුපියල් මිලියන 5250ක මුදලක් වැය කර තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යොජනා ක්‍රමය වඩාත් පුළුල් කරමින් 2019 අයවැය මඟින් නව ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත. මේ අතරින් විදේශ සේවයේ නියුක්තිකයන්ට නිවසක් සාදා ගැනීම සඳහා වන “සිහින මාලිගා” ණය යෝජනා ක්‍රමය, නව විවාහක යුවළ වෙනුවෙන් ක්‍රියාත්මක “හෝම් ස්වීට්” නිවාස ණය යෝජනා ක්‍රමය සහ උස්ස පෙළ විභාගය සමත් වූවන් වෙනුවෙන් උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා වන “මගේ අනාගතය” ණය යෝජනා ක්‍රමය සුවිශේෂී වේ. මේ වසරේ ණයලාභීන්ගේ පොලී ගෙවීම සඳහා පමණක් අයවැය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6100 කි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements