දෙමටගොඩ පිපිරීම සිදු වූ නිවසෙන් කෝටි ගණනක නිල් මැණික් සහ මුදල් හමුවෙයි
Dematagoda
,
gossip lanka
,
local
,
News
,
STF
දෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් වටිනා නිල් මැණික් 03ක් සොයා ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) එම නිවස පූර්ණ පරීක්ෂාවකට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.
එම නිවසේ තිබී රුපියල් කෝටියක් පමණ වටිනා දේශීය සහ විදේශීය මුදල් ද සොයා ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ද එම නිවසේ තිබී සොයා ගත් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

