Advertisement

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ත්‍රස්ත සංවිධාන සමග සබඳතා ඇති බවට ඇතම් සංවිධාන හා දේශපාලක්ඥයින් විසින් එල්ල කෙරෙන සියලු චෝදනා බොරු ප්‍රචාර බවටත් අදාල ත්‍රස්ත කල්ලි සමග සබඳතා පවත්වා ඇත්තේ වත්මන් විපක්ෂ නායකයා ඇතුලු ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ නායකයින් බව පවසමින් සමස්තලංකා මහජන කොන්ග්‍රසයේ ක්‍රියාකාරීන් විසින් වවුනියාවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වීය.

වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවති අතර ඒ සඳහා සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ උතුරු පලාත් සභා හිටපු මන්ත්‍රී වී.ජයතිලක මහතා ඇතුලු වව්නියාව හා මන්නාරම් ප්‍රාදේශීය සභා නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ හිටපු පලාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා කියා සිටියේ,

‘‘අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට විල්පත්තුව අල්ලගෙන පුලුවන්තරම් මඩ ප්‍රහාර එල්ල කලා වැඩක් වුනේ නැහැ දැන් හොඳම අවස්ථාවක් ඇවිත් තියනවා මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා මොකද එතුමත් මුස්ලිම් ජාතිකයෙක් නිසා පසුගිය 21 වනදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු බවට සැලකෙන ඊබ්‍රහිම් නැමත්තා ගත්තොත් ඔහු රිෂාඩු බදියුදීන අමාත්‍ය වරයා ලගට එන්නේ ව්‍යාපාරිකයෙක් වශයෙන් ඒ අමාත්‍ය වරයා වානිජ අමාථ්‍ය වරයා නිසා නමුත් ඊබ්‍රහිම් රිෂාඩ් බදියුදීන් අමාත්‍ය වරයා හමු වෙන්න පෙර අනෙක් දේශපාලන නායකයින්ගෙන් පෝෂණය වුනු අයුරු ගැන අද කිසිම මාධ්‍යක් හෝ නියෝජිතයෙක් කියන්නේ නැහැ,

‘මේ ඊබ්‍රහිම් කියන පුද්ගලයා රිෂාඩ් බදියුදීන් අමාත්‍ය වරයා ලගට ඒමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් එක්කයි කටයුතු කරන්නේ අපි ලග ඒ ෆොටෝ තියනවා (ඡායාරූප පෙන්වමින්) ඉතින් ඊබ්‍රහිම් පෝෂණය කරල තියෙන්නේ රිෂාඩ්ද මහින්ද රාජපක්ෂ හා ඒ නඩයද මේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් බොහෝ දෙනෙක් පොහොට්ටුවේ ක්‍රියාකාරීන් සමග ගත් ඡායාරූප අපි ලග තියනවා ඒ අතර ජී.එල්.පීරිස්, උදය ගම්මන්පිල, ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම ජනතා විමුක්ති පෙරමුනේ නායක විමල් වීරවංස සමග ගත් ඡායාරූප මේ සබඳතාත් රටේ ජනතාව හිතන්න ඕන.

අපි කියන්නේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ කව්රු හරි මේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සබඳතා ගැනකිසියම් සම්බන්ධයක් හෝ ක්‍රියාවක් සිදු කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න එසේ නොමැතිව ජනතාවට ජාතිවාදය පතුරමින් සිදු කරන මෙම බොරු ප්‍රචාරයන් වහාම නැවත්විය යුතුයි කියලයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements