Advertisement

තියුණු ආයුධ සහ යුධ හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සමඟ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හාජා මොහිදීන් අලි උසුමාන් සහ ඔහුගේ සොහොයුරා වැලිකඩ පොලීසිය මගින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

කඩු තුනක්,මන්න පිහියක්,යුද හමුදා සටන් ඇතුළත් සංයුත්ත තැටි,ජංගම දුරකතන දෙකක් සහ පරිඝනක කොටස් කිහිපයක් ඔවුන් සතුව තිබී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එජාප මන්ත්‍රී සහ ඔහුගේ සොහොයුරා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ව සිටි බවට මූලික පරීක්ෂණවලදී හෙලිව ඇත.

සැකකරුවන් සහ අදාල භාණ්ඩ එජාප නාගරික මන්ත්‍රීවරයාගේ සොහොයුරාට අයත් නිවසක තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

වැලිකඩ පොලීසියේ නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් වැලිකඩ පොලිස් වසමට අයත් නාවල පාර පල්ලිය පටුමග ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements