Advertisement

ISIS සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි පෙනී සිටින නවතම වීඩියෝ පටයක් නිකුත් වී ඇති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මෙම වීඩියෝව වැදගත් වන්නේ ISIS නායකයා පෙනී සිටින වීඩියෝවක් පසුගිය වසර 05 ක කාලය තුළදී නිකුත් කර නොතිබීමයි.
අවසන් වරට අල් බග්දාදි 2014 වසරේදී වීඩියෝවක පෙනී සිටියේය.

සිරියාවේදී සිරියානු රජයේ සහ ඇමරිකානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බවට හෝ බරපතල තුවාල ලබා ඇති බවට ඇතැම් වාර්තා පළ වූ අතර ඉන් පසු ඔහු මේ වනතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ, සිරියාවේදී ලැබූ පරාජයේ පළිය ගන්නා බව අල් බග්දාදි ප්‍රකාශ කරන බවයි. මිනිත්තු 18 ක කාලයක් පුරා දිවෙන ISIS නායකයාගේ කතාවෙන් පසුව පසුගිය 21 වැනිදා මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරන හඬ පටයක්ද ඇතුළත් බව අල්-ජසීරා වාර්තා කරයි.

මෙම වීඩියෝව මෑතකදී නිකුත් කරන ලද්දක්ද එසේ නැතහොත් පැරණි වීඩියෝවක්ද යන්න සැක සහිත බවද අල්-ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements