Advertisement

කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් පල්ලියකින් කඩු 47ක් සොයා ගැනීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගත් ⁣මොහොමඩ් ගවුස් මොහොමඩ් පාහිම් නැමැති මවුලවිවරයා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන නුර්දි මොහොමඩ් තාජුඩින් දෙදෙනාම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය අද පෙරවරුවේ මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසට බාර දි තිබු අතර කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර තිබේ.

සැකකාර නාගරික මන්ත්‍රීවරයා මුස්ලිම් පල්ලි සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා බවත් ඔහු යටතේ පල්ලි 10 ක ප්‍රමාණයක් ඇති බවත් පැවසේ. මෙම පල්ලි වලටද මේ ආකාරයේ තියුණු ආයුධ ලබා ගැනිමට මුදල් ලබාදී ඇතිද යන්න හෙළිදරව්කර ගැනිමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය කියයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements