Advertisement

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස මෙය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇති බවට නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවිසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath-NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි ( Jamathei Millathu Ibrahmeen) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත."යනුවෙනි. 

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගන්නා බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements