Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිලිණ සුරංජිත්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක යන අය රුපියල් කෝටි දෙකක් අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී අතටම හසුවූයේ 2018 මැයි 04 වනදාය. ඔවුන් අල්ලස් මුදල ලබාගත්තේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ රථ ගාලේදීය. මෙම අල්ලස් ගනුදෙනුවට ජනාධිපතිවරයාගේ බෑණා වන තිළිණ සුරංජිත් ද සම්බන්ධ බවට බොහෝ පැමිණිලි අල්ලස් කොමිසම වෙත ලැබී තිබිණි. එදින එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී තිලිණ සුරංජිත් ද ටාජ් සමුද්‍රා හෝටලයේ ලොබියේ සිට ඇති බවට ද තොරතුරු කොමිසමට ඉදිරිපත් කෙරී තිබිණි.

ඒ ඔස්සේ විමර්ශන සිදු කරමින් ටාජ් සමුද්‍රා හෝටලයේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්ට දැකගැනීමට හැකිව ඇත්තේ තිලිණ සුරංජිත් එම ස්ථානයේ සිටි බවයි.

ඔවුන් මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කළ අවස්ථාවේදී දැඩි ස්ථාවරයක සිටිමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙසය. තිලිණ සුරංජිත් යනු තම දියණියගේ ස්වාමි පුරුෂයා වුවත් ඔහු වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් සිදු නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. එසේම ඔහුට එරෙහිව ලැබී ඇති වෙනත් පැමිණිලි සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව කන්තලේ සීනි සමාගමේ යන්ත්‍ර සූත්‍ර ඉන්දීය සමාගමකට පවරා දීම සඳහා රුපියල් කෝටි 10ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබාගැනීමේ සිද්ධියට අදාළව තිලිණ සුරංජිත් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති අතර ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන් සමඟ එක්ව කළ බව දූෂිත ගනුදෙනු ඇතුළුව ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් එකින් එක විමර්ශන සිදු කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements