Featured News

Video Gossip

Advertisement

රැඳවුම් නියෝගමත කොළඹ වරාය භූමියේ අධි ආරක්ෂිත කුටියක රඳවාගෙන කංජිපානි ඉම්රාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පසුගිය සමයේ මෙරට සිදුවූ ඝාතන රැසක සුලමුල හෙලිව තිබේ. ඒ අනුව ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදූෂ්ට අයත් බව පැවසෙන කුළී පදනම මත වාහන ලබා දෙන ආයතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

මෑතකදී ප‍්‍රසිද්ධියක් ලැබූ මෙම කුලී රථ සමාගම පවත්වාගෙන ගොස් ඇත්තේ මොහොමඞ් රිස්බාන් නමැත්තෙකි. පසුව රිස්බාන් නමැත්තා ඝාතනයට ලක්කර ඇත. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ගෝත අසංකගේ සැලසුමකට අනුවය. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ශාන්ත කුමාර නොහොත්කොස් මල්ලි විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මදූෂ් වෙත තොරතුරු ලැබී ඇති අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සමයං නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෝත අසංක, මාකඳුරේ මදූෂ් සමග වෛරයෙන් පසුවූ බවද පැවසේ. ගෝත අසංක යනු සමයං නමැත්තාගේ සමීපතමයෙක්.

කෙසේවෙතත් රිස්බාන්ගේ මරණය සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මදූෂ් අතර ද බහින්බස්වීමක් සිදුව ඇති බවයි පැවසෙන්නේ. රිස්බාන් නමැත්තා සිය ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කර ගැනීම සම්බන්යෙන් කංජිපානි ඉම්රාන්, එහිදී මාකඳුරේ මදූෂ් හට දෝෂාරෝපණය කර තිබේ. 

රිස්බාන් ඝාතනය කළ අයුරින්ම ඔහුගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාද ඝාතනය කරන බවයි මාකඳුරේ මදූෂ් පවසා ඇත්තේ. රිස්බාන් නැමැත්තාගේ ඝාතනය සිදු කළ කොස් මල්ලි අගුණකොලපැලැස්සේ ගෝඨාභයගම ප‍්‍රදේශයේදී පොල්ගසක ගැට ගසා වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම ඝාතනය මාකඳුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේ සිට අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇති බවත් පැවසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements