Advertisement

UPDATES : 22:42

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ නිවස්නයක් ලෙස සැලකෙන ගොඩනැගිල්ලක පරීක්ෂා කිරීමක් අතරතුර එක්වරම පිපිරීමක් සම්ඟ වෙඩි තැබීමක් සිදුවී ඇති අතර මේ වනවිට පොලීසිය, STF සහ යුධ හමුදාව ප්‍රතිපහාර එල්ල කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නිවසේ පුපුරවා ගැනීමෙන් මුස්ලිම් කාන්තාවන් දෙකක් සහ මුස්ලිම් පිරිමි තුනක් ඇතුලු 05 ක් මරුට.

එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබේ. ප‍්‍රදේශයේ නිවාස දෙකක තිබී පුපුරන ද‍්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. ISIS සංවිධානයේ කොඩියද එහි තිබී සොයාගෙන තිබේ.
හමුදා -පොලිස් ඒකාබද්ද මෙහෙයුම් තව දුරටත් ක‍්‍රියාත්මකයි.
කල්මුණේ, චවලක්ඩේ සහ සමන්තුරේ පොලිස් බලප්‍රදේශ වල වහාම ඇදිරි නීතිය පණවා ඇත.

-------------------------------------

UPDATES : 21:06 අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ මීට සුළු වේලාවකට පෙර ආරක්ෂ අංශ විසින් සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත. 

මෙම සෝදිසි මෙහෙයුමේදි පුපුරන ද්‍රව්‍ය සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් තිබු ගබඩාවක් සොයා ගෙන ඇති අතර එහි තිබි ත්‍රස්තවාදීන් බාවිතා කළ ඔවුන්ගේ ලංජනය සඳහන් කොඩියක්ද හමු වී තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුත් මහතා පැවසුවේ සෝදිසි මෙහෙයුම් සිදු කළ අවස්ථාවේ කල්හුණේ ප්‍රදේශයෙන් පිපිරීම් හඬක් ඇසුනු බවත් ඒ අනුව එම ප්‍රදේශය වැටලු බවත්.

එම අවස්ථාවේදි එම පිරිස සහ යුද හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදු වු බවත් ඒ අනුව එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඒ මහතා පැවසීය.

මේ වන විට යුද හමුදාව විසින් ප්‍රථිප්‍රහාර එල්ල කරමින් සිටින බවයි ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු ඇදිරිනීතිය ‌‌යොදවා ඇත.

-------------------------------------------------
කල්මුණේ සායින්දමර්දු ප‍්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වෙයි.

ආරක්‍ෂක අංශ විසින් සැක සහිත වෑන් රථයක් පරීක්‍ෂා කිරීමට යාමේදී එම වෑන් රථය පුපුරුවාගෙන ඇත.

ආරක්‍ෂක අංශ හා කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු මෙම පිපිරුම් සිදුව ඇත.

lankacnews

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements