Advertisement

මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාර්ගයේ අද(25) දහවල් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත අඩුබලයක් සහිත අත්බෝම්බ සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
 
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ. එහිදී වෑන් රථයක් සමඟ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
එම අවස්ථාවෙව්දී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ 21ක් කඩු 06ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සදහන් ය.
 
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 
 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements