Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා භික්ෂුන් වහන්සේ නමකට අපහාසාත්මක අයුරින් දුරකථනයෙන් කතා කිරීම සම්බන්ධයෙන් වූ පුවතක් ‌ගොසිප්99 අප ඔබට ඊ‌යේ ඉදිරිපත් ‌‌කෙරින. තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනු ලැබ.  ඒ් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබුනේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවයි. එය කිරිඇල්ල එදිරිවාදීන් මෙන්ම බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සර්වාංගයම වෙවුළුම් කමින් සිටින ඇතැමෙකුට මෙය ඉහේ මල් පිපුණු කාරණයකි.


කෙසේ හෝ එම සිදුවීම දැන් අවසන්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යයන්හි තවදුරටත් කතා බහට ලක්වෙමින් තිබේ. මෙහිදී ඇතැමෙකු උදහසට ලක්ව ඇත්තේ කිරිඇල්ල අමාත්‍යවරයා දැඩි ස්වරයෙන් කතාකරන්නේ භික්ෂූන් වහන්සේ නමකට වීමයි. එපමණටම මේ සමාජය චීවරයට බලයක් දී තිබේ.

භික්ෂුවක් වුවත් ගිහියෙක් වුවත් වැරැද්දක් ඇත්නම් එය නිවැරදි කරගත යුතුය. වරදක් දකින්නේ නම් එය පැවසීමට හෝ පෙන්වාදීමට බිය වියයුතුද නැත. එසේ නොවන තාක් ගිහියන් පමණක් නොව පැවිද්දන්ද උගුරට හොරා බෙහෙත් බොන එක නවත්වන්නේද නැත.

එහෙයින් මේ මොහොතේ කිරිඇල්ල අමාත්‍යවරයාව පසෙකින් තබා අර කී භික්ෂුන් වහන්සේ නැත්නම් පූජ්‍ය ටැම්පිටියේ වනරතන හිමියන් සම්බන්ධයෙන් සටහනක් තැබීමට අපි කැමැත්තෙමු.

ඇතැමෙකුට රෑ,දවල් කියා වෙනසක් නැත. කටුස්සන් මෙන් පාට මාරු වන්නේ නැත. මේ අතර රෑ දනියෙල් දවල් මිගෙල් වැන්නවුන්ද වෙති. පරිස්සම් විය යුත්තේ දනියෙල්ලාගෙන්ය.
අපේ කතා නායකයා වන පුජ්‍ය ටැම්පිටියේ වනරතන භික්ෂුවද මේ දවල් මිගෙල් රෑ දනියෙල් කුලකයේ අයෙක් බවට දැන් අනාවරණය වී තිබේ. දවල්ට ටැම්පිටියේ වනරතන වන උන්වහන්සේ රෑට වෙනස් වන්නේ මිස්ටර් වනරතන ලෙසින්ය.

ටැම්පිටියේ වනරතන හිමිගේ ජාතකය....

“පර බල්ලා..’ කියමින් භික්ෂුන් වහන්සේ නමකට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බැන අපහාස කළ බවට මෙරට කළු මාධ්‍ය වාර්තා පළවුවත් අදාළ චීවරධාරියා විනය විරෝධී කටයුතු රැසක් හේතුවෙන් දායකයන් අදාළ පන්සලෙන් පවා එළවා දැමුණු අයෙකු බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම චීවරධාරියා “ටැම්පිටියේ වනරතන” වන අතර අයත් පන්සල වන්නේ පරනාගල පිරිවෙන, පිළිමතලාව ය.

එසේම දැනට නාවලපිටිය පාසලක ගුරුපත්වීමක් ලබා සේවය කරන අතර මීට මාස කිහිපයකට පෙර මුදල් හා අශෝභන ලෙස කාන්තාවන් සමග හැසිරීම හේතුවෙන් ගම් වැසියන් විසින් පන්නා දමා තිබේ.

එසේම මොහු නැවත එම පන්සලේම රැදී සිටීමට පැමිණ ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධව ප්‍රීතිය පළකරමින් පිළිමතලාවේ පෙළපාලියක් සංවිධානය කිරීම හරහාය.

තවද එක් අවස්ථාවකදී සිවුර සමඟ සිටින ඔහු තවත් අවස්ථාවක සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස අනන්‍යතා දෙකකින් පෙනී සිටින බවත් ශාසන කටයුතු කෙසේ වෙතත් පොහොට්ටු දේශපාලනය වෙනුවෙන් නම් දිවා රෑ වෙහෙසෙන බවත් දැනගන්නට ඇත.

භික්ෂුවක් වුවත් ගිහියෙකු වුවත් තමතමන්ට අනන්‍ය විනයක් තිබිය යුතුය. සමාජයේ තමන් පෙනී සිටින්නේ ඒ පෞර්ෂයත් සමඟින්ය. විශේෂයෙන් දවල් මිගෙල් රෑ දනියෙල් වැන්නවුන් කොහොමත් පරිස්සම් විය යුතුය. මන්ද ඔවුන් අද වීරයන් වීමත් හෙට බලුවීමත් වීමත් අතර කාලය ඉතාම කෙටි වන නිසාය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements