Advertisement

පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපියක්, තිලක් මාරපන මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

මධුෂ් මෙරටට ගෙන්වා ගන්නවා නම් එය සිදුවිය යුත්තේ ජාත්‍යන්තර පොලිසිය හරහාය. ඊට අවශ්‍ය ලිපි ලේඛන අඩංගු උදර්පණ ලිපිගොනු සකස් විය යුතුය.

මීට පෙර ඩුබායි අත් අඩංගුවට පත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද මේ ආකාරයෙන්ම ඉහළ පොලිස් සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඩුබායිහි සංචාරයක නියැළෙමින් දින ගණනාවක් මහජන මුදල් නාස්ති කර අවසානයේ මෙරටට පැමිණියේ හිස් අතිනි.

අවසානයේ හෙළිවූයේ උදයංගගේ උදර්පණ ලිපිගොනුව ඩුබායි නොව මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලාච්චුවක අතැර දමා තිබුණු බවයි.

එහෙයින් එක් පසෙකින් රටට මාධ්‍ය සංදර්ශන සපයමින් අනෙත් අතින් මහජන මුදල් කෝටි ගණනින් කාබාසිනියා කරමින් සිදු කෙරෙන ඩුබායි සවාරි හෝ වන්දනා ගමන් තුළින් මාකඳුරේ මධුෂ් හෝ වෙනත් කිසිවකු මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාවක් නොමැති බවත් මෙය මධුෂ් පෙන්නා මහජන මුදල් නාස්ති කිරීමක් පමණක් බවත් සඳහන් කළ යුතුය.

LNW

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements