Advertisement

ශ්‍රී ලාංකීය ඉන්ජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ මෙරට පළමු චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව සාර්ථකව ගුවන් ගත කර තිබේ.

රාවණා වන්(01) ලෙස නම්කර ඇති චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද(18) අළුයම ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයෙන් ගුවන් ගතකර ඇත.

රාවණා වන් චන්ද්‍රිකාව “අන්තරේස්” රොකට්ටුව අධාරයෙන් සිග්නස් අභ්‍යාවකාශ යානය මඟින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට සැළසුම්කර ඇති අතර එය සාර්ථකව පෘථිවියෙන් නික්මුණි.

රාවණා වන් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ ගෞරවය ශ්‍රී ලාංකීය ඉන්ජිනේරුවන් දෙපලක් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා හට හිමිවේ.

ඔවුන් පවසන පරිදි චන්ද්‍රිකාව ඝන සෙන්ටිමීටර් දහසක ධාරිතාවයකින් සහ කිලෝග්‍රෑම් 1.05ක බරකින් යුක්ත වේ.

සැළසුම් කර ඇති පරිදි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව ලබන මැයි මස අවසානය හෝ ජුනි මස මුල් කාලය වන විට චන්ද්‍රිකාව කක්ෂ ගතකිරීම සිදුකරයි.

රාවණා වන් චන්ද්‍රිකාව දිනකට වට 15කට ආසන්න කාලයක් පෘථිවිය වටා භ්‍රමණය වනඅතර එහි වේගය තත්පරයට කිලෝමිටර් 7.6ක් වේ.

ශ්‍රි ලංකාවේ සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනිම ඇතුළු කරුණු 5ක් මෙම රාවණ වන් චන්ද්‍රිකාව මඟින් සිදුකර ගැනීමට සැළසුම් කර ඇත.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements