Featured News

Video Gossip

Advertisement

අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රතිරූපයට හානිකර ආකාරයේ ජායාරූපයක් සංස්කරණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව අමාත්‍යවරයාගේ නිල ෆේස් බුක් ගිනුමේ සදහන් කර ඇත.

මේ අතර අප ඇමතූ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් කිහිපදෙනකු සදහන් කර සිටියේ අදාල ජායාරූපය ඉරාජ් වීරරත්න ගායකයාගේ නවතම වීඩියෝ ගීතය youtube වෙත මුදාහැරීමට සමගාමීව අන්තර්ජාලය වෙත නිකුත්කර තිබෙන බවය.

එසේම එම ගීතය ඇතුලත් වීඩියෝව තුළ ද ඒ ජායාරූපය ඇතුලත් කර ඇති බවත් එය කලාවට පමණක් නොව ආචාර ධර්ම විරෝධී සහ මිනිසෙකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව කිසිදු තැකීමක් නොකර ප්‍රදර්ශනය කර ඇති බවද ඔවුන් පවසයි.

තවද එම වීඩියෝ ව සංස්කරණය කරනු ලැබූ වකවානුව සහ මෙම ජායාරූපය සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීම අතර පහත් ප්‍රචාරණ උපක්‍රමයක් අනුගමනය කර ඇති බවට සැක පහල වන බවත් විමර්ශනයක් සිදුවන්නේ නම් ඒ ගැන අවධානය යොමුකිරීම වැදගත් බවද ඔවුන් පවසයි.

News Tube

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements