Featured News

Video Gossip

Advertisement

ලබන මාසයේ අරඹන්නට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවරීමට ඊ‌යේ (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදි. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම පත්කිරීම සිදුකර ඇමතිවරයාගේ අනුමැතිය ලබාගෙන ක‍්‍රිකට් විධායක කමිටුවට දැනුම් දුන් බව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.

එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට අදාළ 15 දෙනෙකුගෙන් යුතු සංචිතය අද (18) නම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර නායකත්වය සඳහා කණ්ඩායමේ සිටින පැරණිම ක්‍රීඩක ලසිත් මාලිංග පත්කරනු ඇති බවට විවිධ ආරංචි පසුගියදා පැතිරුණ අතර ඔහුද එය අපේක්ෂාවෙන් සිටියේය. පසුගියදා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට පවත්වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා මාලිංග අයිපීඑල් අතරතුර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ක්‍රීඩා කළේද එම අපේක්ෂා ඇතිවයි. 

ඒ අතරම තමා ලෝක කුසලානය මෙහෙයවන්නට අපේක්ෂාවෙන් සිටින බවට ඔහු ඇතැම් සාකච්ඡාවලදී පවසා තිබූ අතර එසේ සිදු කිරීමෙන් පසු ක්‍රිකට් වලින් සමුගන්නා බවට පසුගිය මාර්තු මාසයේ ප්‍රකාශයක්ද නිකුත් කර තිබුණි.

මේ අතර තමා ලෝක කුසලාන නායකත්වයට පත්කිරීමේ තීරණය අනුව තමන්ද කන්ඩායමේ රැඳීසිටීමේ තීරණය ගන්නා බවට නොකියා කියැවෙන කථාබස් ඔහු වරින්වර පළ කර තිබෙන අතර ඉන් ඇතැමෙකු අදහස් කළේ ඔහු නායකත්වයට පත් නොකළොත් කණ්ඩායමෙන් ඉවත්වනු ඇති බවකි.
කෙසේ වෙතත් අද දින මාලිංග වෙනුවට දිමුත් කරුණාරත්න ලෝක කුසලාන කන්ඩායමේ නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් මාලිංග තවම ප්‍රතිචාර දක්වා නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements