Advertisement

කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී රුපියල් තුන්ලක්‍ෂ පනස්දහසක් වටිනා රන් තැල්ලක් සොරාගත් කාන්තාවක් අධිකරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

කාන්තාවක් තමාගේ රන් තැල්ල ඇයගේ අත් බෑගයේ තබාගෙන අධිකරණ කටයුත්තකට අධිකරණයට පැමිණ සිට ඇති අතර එහිදී අවශ්‍යතාවයක් මත ඇයගේ අත් බෑගය ආසනයේ තබා පිටව ගොස් ඇත. පසුව පැමිණ බැලීමේදී අත් බෑගය නොමැති නිසා එහි අසල සිටි කාන්තාවකගෙන් ඒ පිළිබඳව විමසා ඇත. එහිදී එම කාන්තාව පවසා ඇත්තේ වෙනත් කාන්තාවක් එම අත් බෑගය රැගෙන ගිය බවයි. එසේ පවසා තවත් කාන්තාවක් අධිකරණයෙන් පිටව ත්‍රිරෝද රථයකින් යෑමට සැරසෙද්දී ඒ පිළිබඳව අධිකරණයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ත්‍රිරෝද රථය නවත්වා එහි ගමන් කිරීමට සූදානම් වූ කාන්තාවගෙන් මේ පිළිබඳව විමසා ඇත. එහිදී පොලිසිය සමග විවාදයක පැටලුන අතර, පසුව පොලිස් නිලධාරීන් විසින් එම කාන්තාව අධිකරණය තුළට රැගෙන ගොස් කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ සහාය ඇතිව පරීක්‍ෂා කිරීමේදී ඇයගේ යට ඇඳුමේ සඟවා තිබියදී රන්තැල්ල හමුවී ඇත.

පසුව ඇයව අත්අඩංගුවට ගත් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සඳහා කල්මුණේ පොලිසියට රැගෙන ගියහ. මෙම සිද්ධිය පසුගිය 05 වැනි සිකුරාදා සිදුවිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements