Advertisement

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා මඟී මැදිරි 75 ක් සහ බහාලුම් ගැල් 20 ක් මිලදී ගැනීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

මෙම මිලදී ගැනීම් කොන්ත්‍රාත්තුව ඉන්දුනීසියානු රජයට අයත් පී. වී. ඉන්ද්‍රස්ටි්‍ර දුම්රිය සමාගම වෙත පිරිනැමීමට ද තීරණය කර ඇත. දුම්රිය මැදිරි ලබා ගැනීමට අවශ්‍ය මුදල් ඉන්දුනීසියාවේ අපනයන හා ආනයන බැංකුව වෙතින් ණය ආධාර ලෙස ලබා ගැනේ.

මිලදී ගැනීමට නියමිත මඟී දුම්රිය මැදිරි අඩි 50 ප්‍රමාණයේ වන අතර ඒවා උඩරට මාර්ගයන් හි යෙදවීමට නියමිතය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් මීට අදාළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.

රනිල් ධර්මසේන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements