Featured News

Video Gossip

Advertisement

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්‍රී සිතාසියක් බාරදී ඇතැයි වාර්තාවේ.

එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර තිබු පෙත්සමක් අනුව එම සිතාසිය නිකුත්කර ඇති බවයි.

සිය පියා ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව එම පෙත්සමින් අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම සිතාසිය බාරදී ඇත්තේ ඔහු කැලිෆෝනියාවේ පිහිටි Traders Joe’s American Grocery Store සුපිරි වෙළඳ සංකීර්ණයක් තුල සිටියදීය.

සිය සමීප මිතුරකු වන සංජිව ගුණසේකර මහතාගේ දියණියකගේ විවාහ මංගල්‍යට සහභාගිවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මේදිනවල ඇමරිකාවට ගොස් සිටියි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements