Advertisement

කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.

මෙම වැටලීමේදි කඩු 40ක්, කිනිසි 15ක් හා යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මේ අතර, පාස්කු ඉරිදා දින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පල්ලිය තුළ තිබි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටයක් (පුපුරණ ද්‍රව්‍ය නැති) සොයා ගත් බව පොලිසිය පවසයි.

පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි ද ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

මේ අතර ඊයේ රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 04ට ඉවත් කෙරුණි.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසන්නේ , අද දින ඉස්ලාම් දේවස්ථානවල සාමූහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වළකින ‍ලෙසයි.










gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements