Featured News

Video Gossip

Advertisement

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීම හේතුවෙන් එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේදී එම අමාත්‍යාංශය යටතේ සේවය කරන රජයේ සේවකයින් ලක්ෂ 5ක පමණ පිරිසකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අර්බුදයක් උද්ගතවී ඇති බව විෂය භාර අමාත්‍ය වජිර අබ්වර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස තම ශක්තිය පෙන්වීම සඳහා අයවැය විවාදයේදී “පොඩි සෙල්ලමක්” දමා මඟහැරිය බවත් එතැනදී වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වුණු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

එසේ නොමැතිව හිතාමතා තමන් එම වැය ශීර්ෂ පරාජය නොකළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

තම කණ්ඩායම තම පක්ෂයේ අයට රතු එළියක් දල්වා පෙන්වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ වැය ශීර්ෂ පරාජය කරවීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන්ව තමන් විසින් වාහනය කරා ම රැගෙන ගොස් පාර්ලිමේන්තුවෙන් පිට කළ බවත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් තමන්ට හොඳ සහයෝගයක් ලැබුණු බවත්ය. වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා දැක්වූ සහාය වෙනුවෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට ස්තූති කරන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements