Advertisement

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් ඊයේ(15) රාත්‍රීයේ හට ගෙන තිබෙනවා.
‍මෙම දේවස්ථානය මධ්‍යකාලීන යුගයට අයත් බව සැලකෙනවා.
කෙසේ වෙතත් ගින්නෙන් එම දේවස්ථානයේ වහලයට බරපතළ හානි සිදුව ගින්නෙන් සම්පූර්ණයෙන් දැවී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්න ඉතා ඉක්මනින් ව්‍යාප්තව ගොස් ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා භටයින් 400ක් පමණ යොදා ගෙන ඇතැයි වාර්තා වනවා.
පැරිස් නුවර සිටින බොහෝ සංචාරකයින් මේ දෙස ඉතා විමතියෙන් යුතුව සිදුවුයේ කුමක් දැයි අදහා ගත නොහැකි ලෙස බලා සිටින බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් ගින්නෙන් පිළිස්සී ඇති කුළුණ කඩා වැටීමේ අවධානමක් ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
මෙය සමස්ත ක්‍රිස්තියානි ආගමේම සංකේතයක් ලෙසද විරුධාවලි ලබා තිබෙනවා.
ගින්න හට ගත් අවස්ථාවේ දේවස්ථානය තුළ වු බොහෝ සිතුවම් හා වටිනා ද්‍රව්‍ය බේරා ගැනීමට හැකිවු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් ගින්නට ‍හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements