Advertisement

අන්තවාදී සවිධානයක් වන ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ කොළඹ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් පවාස් නැමැත්තා කෙසෙල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊ‌යේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අයත් පෝස්ටර්, එම සංවිධනායේ දේශන අඩංගු අධි ධාරිතාවකින් යුත් දත්ත ගබඩා (පෙන්ඩ‍්‍රයිව්) දේශන සහිත වීඩියෝ ඇති ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ තොගයක්ද හමුවී ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුව බස්නාහිර බුද්ධි නිලධාරීන් හා කෙසෙල්වත්ත පොලිසිය එකව පසුගියදා (27) දහවල් මෙම වැටලීම සිදුකර තිබුණි.

ජාතික තව්හිත් ජමාත් සංවිධාන මේ වනවිට මෙරට තහනම් සංවිධානයක් ලෙසද නම් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements