Advertisement

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන ඔස්මන් ගුණසේකර නැමති සැකකරුගේ බිරිඳ සමඟ ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත ඊයේ(28) ගම්පහ ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාකිරීමෙන් පසු එහි තිබී මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 46ක්, ගිණි අවි තාක්ෂණය ඇතුළත් මුද්‍රිත ග්‍රන්ථයක් සමඟ 52 හැවිරිදි අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ඔස්මන් ගුණසේකර නැමැත්තා මේ වන විට විදෙස්ගතව ඇති බව අනාවරණයවී ඇති බවත් අත්අඩංගුවට ගත් කාන්තාව අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements