Featured News

Video Gossip

Advertisement

මහරගම අපේක්ෂා රෝහලේ අවශ්‍යතාවක් සඳහා කෝටි 10ක් පමණ වටිනා ස්කෑන් යන්ත‍්‍රයක් මිලදී ගැනීමට යැයි මේ දිනවල මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත්, එයට හසු නොවන ලෙසත් එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ඉල්ලීමක් කළේය.

මුස්ලිම් ජාතිකයකු මුල්වී ලිනෑක් නමින් හඳුන්වන ගෙන්වීමට නියමිත මෙම ස්කෑන් යන්ත‍්‍ර දෙකක් දැනට රෝහලේ පවතින බවත්, එවැනි තවත් යන්ත‍්‍ර තුනක් ගෙන ඒම සඳහා මුදල් ගෙවා තිබෙන බවත් එම ප‍්‍රකාශකයා කීය. එම ගෙන්වීමට නියමිත යන්ත‍්‍ර ගෙන්වා ඇති යන්ත‍්‍රවලට වඩා නවීන තාක්ෂණයෙන් යුත් යන්ත‍්‍ර විය යුතු බවට බලධාරීන් සැලකිලිමත් විය යුතු යැයිද ඔහු කීය.

මීට පෙරද මෙම ව්‍යාපාරිකයා මුල්වී රුපියල් කෝටි 20 ක් පමණ වටිනා පෙට් ස්කෑන් යන්ත‍්‍රයක් රෝහලට ගෙන්වා දීමට කටයුතු කර ඇතත්, ඒ සඳහා රුපියල් කෝටි 30 ක පමණ මුදලක් එකතු වී ඇතැයි චෝදනා එල්ලවී තිබෙන බව ඔහු කීය. එම නිසා මෙම පුද්ගලයා එකතු කරන මුදල් සහ වියදම් කරන මුදල් සම්බන්ධයෙන් නිවැරදි වාර්තාවක් රෝහලට ලබාදී නැතැයිද ඔහු කීය.

ලිනෑක් නමැති මෙම යන්ත‍්‍රය ගෙන්වීමට පෙර යන්ත‍්‍රය තබන ස්ථානය සකස් කිරීමට (පොළව අභ්‍යන්තරයේ) වසරක පමණ කාලයක් ගතවන බවත්, එවැනි ස්ථානයක් හෝ තෝරා නොගෙන මුදල් එකතු කිරීම ගැටලූවක් බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements