Featured News

Video Gossip

Advertisement

පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මේ වනවිටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව න්‍යායපත්‍රයට එන්නේ පිළිවෙලින් දෙවනුව බවත් පළමුව ගැනෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේනම් පමණක් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පළමුව න්‍යායපත්‍රයට ගතහැකි බවයි.

කෙසේ නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් පවතින බවත් එය අත්සන් කර ඇත්තේ 2018 මැයි 09ය යැයිද විපක්ෂ නායකවරයා පවා එයට අත්සන් යොදා නැතැයිද අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

කිසිදු අපරාධකාරුවෙක් ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් නොවන බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලි‍මේන්තුවේ සාකච්ඡාවට ගැනෙන්නේනම් එම නිෂ්චිත මොහොතේ රටත් ජනතාවගේත් පැත්තේ සිට තීරණයක් ගන්නා බවත් ඒ පිළිබඳව කිසිවෙකුත් දෙගිඩියාවක් තබා නොගන්නා ලෙසත් මෙහිදී අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements