Featured News

Video Gossip

Advertisement

ද්‍රවිඩ හැඟීම් දායකයින්ගේ සංගමයේ සභාපති කනපතිපිල්ලෙයි මොහාන් මාධ්‍යයෙන්  වසන් වූ ඇඟ කිලිපොලායන සිදුවීමක්  පසුගියදා හෙලිදරවු කරනු  ලැබුව.  ඒ්  ‌මෙසේය

අද නැගෙනහිර හමුදා අනදෙන නිලධාරීතුමා හරහා හමුදාපතිතුමාට අපි තොරතුරු වගයක් ලැබෙන්න සැලැස්වුවා. පසුගිය දිනවල ද්‍රවිඩයින් 35 දෙනෙක් අතුරුදන් වූ අතර ඔවුන්ගේ මළසිරුරු මඩකලපුවේදීම වලදමා තිබෙනවා.

 මේ සිද්දීන් කාත්තන්කුඩිවල ඉන්න ප්‍රභල දේශපාලකයෙකුගේ ආයුධ සන්නද්ධ මැර කල්ලි විසින් සිදුකර ඇතිබවත් ඒ අහිංසක ද්‍රවිඩ තරුණයින් 35 දෙනාගේ මලසිරුරු මඩකලපුව නගරයට ආසන්න ප්‍රදේශයක වලදමා ඇතිබවත් අපි හමුදාපතිතුමාට සහ නැගෙනහිර පළාත බාර ප්‍රදාන හමුදා නිලධාරියාටත් දැනුම්දී ඇත. මේ කතාව අනුමානයක් නොවෙයි අපි ලඟ සාක්ෂි සහිතව නිවැරදි ඔත්තුවක් අනුව තමා අපි මේ කරුණු හෙළිදරවු කිරීම කලේ අප දැඩිව විශ්වාස කරනවා ශ්‍රි ලංකාවේ හමුදාවපිළිබඳව එනිසා අපි ඒ විශ්වාසය පෙරදැඩිව මේ තොරතුරු හමුදාවේ ඉහල නිලධාරීන්ට ලබා දුන්නා. 

බොහෝ සත්‍ය හෙළිදරවු වීමට නම් එම මළසිරුරු හමුදාව අතට පත්වෙන්න ඕනෙ. මේව මේ දේශපාලන සහ ජාතිවාදී ප්‍රශ්න පමණක් නෙවෙයි පුද්ගලික තරහ මරහ ව්‍යාපාරික ආරවුල් හේතුවෙන් අතුරුදන් වූ අය නමුත් මේ මොහොතේ ඔවුන් ජීවත් වෙන්නෙ නෑ මළමිනී ලෙසින් මඩකලපුව නගරය ආසන්නයේ මිහිදන් වෙලායි ඉන්නෙ. අප ලබා දෙන තොරතුරු හා සාක්ෂි මත පදනම්ව ඒ මළසිරුරු ගොඩ ගෙන අනන්‍යතාවය හෙලිකරගෙන තහවුරු කරගෙන .ඒ සිදුවීමට සම්බන්ධ මිනීමරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කල යුතුයි. 


මෙම හෙලිදරවුව මාධ්‍යයෙන් වසන් වූයේ මෙම සිදුවීම තුල කාත්තන්කුඩි ප්‍රදේශයේ ප්‍රභල දේශපාලත්ඥකු නමුත් අපි සමාජ මාධ්‍ය හරහා මේ සිදුවීම යට නොයන්න මියගිය අයට අසාධාරණයක් නොවෙන්න වගබලාගමු.

ජීවන්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements