Featured News

Video Gossip

Advertisement

සහරාන්ගේ කල්ලියේ කල්මුණේ නායකයා ලෙස කටයුතු කළ කල්මුනේ සියාම් නමැත්තා සමගින් සහරාන්ගේ ගෝලයින් පස් දෙනකු රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර නිලධාරීන් විසින් ඊයේ (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම කල්මුණේ සියාම් 19 වැනිදා අත්අඩංගුවට ගෙන රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් විමර්ශනය කරන ලදී. ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණුු තොරතුරු මත ඊයේ පාලමුනේ ප‍්‍රදේශයේ ළි`දකට දමා තිබූ සීඞී පට 31 ක් ද සොයා ගන්නට පොලිසියට හා අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන්ට හැකි වූහ.

ඉන් පසු කල්මුණේ සියාම්ගෙන් ලැබුණු තොරතුරු මත කල්මුණේ ප‍්‍රදේශයේ සහරාන්ගේ කණ්ඩායමට සම්බන්ධ තවත් 04 දෙනකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කල්මුණේ සියාම් නමැත්තා ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස සහරාන්ගේ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් ප‍්‍රබල තව්හිද් ජමාත් ක‍්‍රියාකාරීන් පිරිසකි. කල්මුණේ නායකයා ලෙස කටයුතු කළ කල්මුණේ සියාම් 26 වැනිදා මිය ගිය පිරිසට උදව් කරමින් එම පිරිස නින්දවුර් නිවෙසේ සිට සයින්දමරුදු වොලිවෝරියන් නිවාසය වෙත එද්දි ආරක්ෂක අංශ මග හරිමින් පැමිණෙන්නට උදව් කළ අයෙකි.

එම ස්ථානයේදී මිය ගිය මොහමඞ් නියාස් නමැත්තාට අම්පාර ප‍්‍රදේශයෙන් නිවාස ගන්නට උදව් කරමින් සහාය දී ඇත්තේ ද කල්මුණේ සියාම්ය. රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණුු තොරතුරු මත අත්අඩංගුවට ගත් මෙම පිරිස පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.

අම්පාර - සුසන්ත අමරබන්දු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements