Featured News

Video Gossip

Advertisement



සිව්රට මුවාවී ජනතාව මුලා කරමින් සුඛෝපභොගී ජීවිතයක් ගත කිරීමට වංචාවෙන් මුදල් ඉපයීම හා තවත් වංචාවන් කීපයක් සම්බන්ධයෙන් කන්තලේ ලැගුම් හලක සිවුරු දරා සිටි වංචාකරුවකු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිෂානි තේනබදු මහත්මිය ලබන ජුනි 3 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

මෙලෙස රක්‍ෂිත බව්ධනාගාර ගත කරන ලද්දේ මාගලේ ගනේවත්ත ප‍්‍රදේශයේ මුල්ගම ධම්මකිත්ති (30) යන ව්‍යාජ නමින් සිවුරු පෙරවාගෙන සිටි පුද්ගලයෙකි. 

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මොහුට මව පියා හෝ කිසිදු ඥාතියකු නොමැති අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා කිස`ිදු හැඳුනුම්පතක් හෝ අඩුම තරමින් ලියවිල්ලක් ද නොතිබූ බව පොලිසිය පැවසීය. 

ශ‍්‍රමණ වෙස් ගෙන ඇති සැකකරු පසුගිය සතියේ කතරගම ලැගුම්හල් කීපයක සිටි රිසිට්පත් ද , ඔහු ළඟ තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 17 දා කන්තලේ ලැගුම්හලට පැමිණ කාමරයක් වෙන් කර ගැනීමට ඉල්ලා ඇත. එවිට ලැගුම්හල් හිමිකරු ‘‘ඇයි හාමුදුරුවනේ පන්සලක වැඩසිටීමට හැකි නේ දැයි’’ විමසා ඇති අතර ‘‘නෑ මට සැප පහසුවට ඉන්නට අවශ්‍යයි’’ යනුවෙන් චීවරධාරියා පැවසූ වදන් කෙරෙහි සැක සිතූ ලැගුම්හල් හිමියා පොලිසියට සිද්ධිය දැනුම් දීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු සඳහන් කරන මුල්ගම ධම්මකිත්ති යන නාමය සඳහන් නියම හිමි නම මාතලේ සිට ගෙන්වා ප‍්‍රකාශයක් ලබා ගැනීමේදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ සකකරු කාලයක සිට පන්සලේ නැවතී සිටි බවත් ඊට පසු මේ සියල්ල හොඳින් අධ්‍යයනය කොට මෙලෙස තම නම සඳහන් කර ගනිමින් මෙම පහත් වැඩ සිදුකොට ඇති බවත්ය.

කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. විජේසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. තුසාන් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements