Advertisement

රටේ ජනවර්ග අනුව බෙදී වෙන්වන නීතීන් සියල්ල අහෝසිකොට එක් රටක් එක් නීතියක් සංකල්පය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කල යුතු බව හිටපු අමාත්‍ය පා.ම දුමින්ද දිසානායක මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. ඒ රටේ පවතින තත්වය පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

මුස්ලිම් ආගමික නායකයෝ මේ රට බුද්ධාගම මූලික කරගත්ත රටක් බවට නිකන් පිළිගෙන පළක් නැහැ. ඔවුන් ඒ බව පිළිගෙන මුස්ලිම් ආගම තුළ තිබෙන අපේ රටට නොගැලපෙන දෑ ඉවත් කිරීමට කටයුතු කල යුතුයි. එසේත් නැතිනම් ඔවුන් ඒ දේවල් ක්‍රියාත්මක කල හැකි රටකට යායුතුයි” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කලා.

ආගම්ක පදනම මත පාසල් වර්ග කිරීම වහාම නතර කර දැමිය යුතු බවද අමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අප සියලූම දෙනා වගකිව යුතුයි. දේශපාලකයින් වශයෙන් අපි 225 දෙනාම මෙයට වගකිව යුතුයි. කාටවත් බැහැ මේ ප්‍රශ්ණයෙන් ගැලවෙන්න. පසුගිය සමයේ ආණ්ඩුකල අප සියලූම දෙනා මේ ප්‍රශ්ණයට වගකිව යුතුයි. අපි අපොහොසත් වුණා මෙවැනි අර්බුදයකට විසදුම් ලබාදීමට සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කරගන්න. ඒ සම්බන්ධයෙන් අප සියලුදෙනා වගකීම භාරගත යුතුයි. අපේ මේ කතාවල් අහන සාමාන්‍ය මිනිස්සු හිතන්නේ අපි 225 දෙනාම පාර්ලිමේන්තුව ඇතුලට දාලා බොම්බ ගහන්න. ඒ තරමට මිනිස්සුන්ට දේශපාලනය එපාවෙලා.

අමාත්‍යවරයා එහිදී කල සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements