Advertisement

තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති මැණික්
ව්‍යාපාරිකයා වායු රයිෆල් උණ්ඩ තොගයක් හා

තවත් උපකරණ රැසක් සමඟ පානදුර සුඛෝපභෝගි දෙමහල් නිවසකදි අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ සඟවා තිබු වායු රයිෆල් උණ්ඩ 591, අති සුඛෝපභෝගි ජීප් රථයක් අන්සතු ගුවන් ගමන් බලපත්‍ර දෙකක්, විදේශ රටවලට අයත් මුදල් තොගයක් එම සංවිදානයේ සමාජික ගාස්තු ගෙවන ලද රිසිට් පත් ආදිය පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග වැඳ පරාජය වු අයෙකු බව අනාවරණය කරගෙන ඇත.

පානදුර උතුර පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරීන්ද එක්ව සිදු කළ මෙහෙයුමේදි මෙම උපකරණ සොයා ගැනිමට හැකි වි තිබේ.

53 හැවිරිදි මෙම සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements