Featured News

Video Gossip

Advertisement


ජාතිවාදී සහ ආගම්වාදී එදිරිවාදිකම් ඇතිවන ක්‍රියාවල නිරතවෙමින් මිනුවන්ගොඩ නගරයේ මුස්‌ලිම් වෙළෙඳසල් කිහිපයක්‌ ගිනි තබා සහ පහරදී විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කැලණිය කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය අපරාධය සිදුවූ ස්‌ථාන අවට පරීක්‍ෂා කර ලබා ගත් ආරක්‌ෂක පද්ධති දුරකථන විශ්ලේෂණ අනුව ඊට සහභාගි වූයේ යෑයි සැක කරන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගේ හිතවතකුට අයත් මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථය අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට බාරදී ඇතැයි 22 වැනිදා මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. 

කඩවත පොලිස්‌ බල ප්‍රදේශයේ කිරිල්ලවල ප්‍රදේශයේ නිවසක තිබී අත්අඩංගුවට ගත් එම මොන්ටෙරෝ ජීප් රථයේ හිමිකරු සහ මධුමාධව අරවින්ද සහ රාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මිනුවන්ගොඩ කඩාකප්පල් ක්‍රියාවට සම්බන්ධ බවට පොලිසිය අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් අනාවරණය කරගෙන ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

එම දුරකථන විශ්ලේෂණ අනුව සැකකරුවන් 15 දෙනකු හඳුනා ගෙන ඇති බවත් එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති බවත් මිනුවන්ගොඩ පොලිසිය 22 වැනිදා වැඩිදුර වාර්තාවක්‌ මගින් අධිකරණයට කරුණු අනාවරණය කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements