Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සහරාන් හෂීම්ගේ බිරිය සාදියාගෙන් හා දරුවාගෙන් මේ වනවිට සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව බෝම්බ සිද්ධියට අදාළව තවත් වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට සහරාන් මිය නොගිය බවට හා මියගිය බවට පැවති විවිධ සැකකිරීම් ගැන විමසීමේදී සාදියාගේ ප්‍රකාශ අනුව තහවුරුව ඇත්තේ සහරාන් සැබැවින්ම මියගිය බවයි.

ඔහු ආගම වෙනුවෙන් මියයාම 'ජිහාඩ්' වෙනවා ලෙස හඳුන්වා තිබූ අතර තමා මෙම ප්‍රහාරයෙන් මියයනු ඇති බවත් එය ඔහු කිව්වේ මං ජිහාඩ් වෙන්න යන්නේ ලෙසින් බවත් ඉන්පසු තමා වෙනුවෙන් මුස්ලිම් චාරිත්‍ර අනුව බිරියක ලෙස මාස 4 ක 'ඉක්තා' ශෝක කාලයක් සමරන ලෙසත් සහරාන් තමන්ට දැන්වූ බව සාදියා ප්‍රකාශ කර ඇත.

අවසාන දිනවල ඔවුන් නැවතී සිටියේ කොල්ලුපිටියේ සුපිරි හෝටලයකට සම්බන්ධ නිවාස සංකීර්ණයක බවත් එහි 5 වන මහළේ කාමර 3 ක ඒකකයක් මාස 2 ක් සඳහා මිලට ගෙන බොම්බ පිපිරුම සඳහා සූදානම්වූ අය හා පවුල්වල අය නැවතී සිටි බවත් සහරාන්ගේ බිරිය සාදියා ප්‍රකාශ කර ඇත. එම නිවස සඳහා මසකට රුපියල් 140000 ක් ගෙවූ බවද ඇය දන්වා ඇත.

සහරාන් සහ අනෙක් අය මෙම ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බවට දිවුරුම් දීම සිදු කරන ලද්දේද එම කාමරයක සිට බවත් ඇය ප්‍රකාශ කර ඇත. එම වීඩියෝව එහිදී පටිගත කර අයිඑස් සංවිධානය වෙත යොමු කරන ලද බවත් ඇය දන්වා ඇති අතර දිවුරුම සිදු කළේ පිපුරුමට පැය 24 කට පෙර 20 වනදා බවද දන්වා ඇත.

සාදියා දන්වා ඇති පරිදි තමා සැමියාගේ ක්‍රියා කලාපයන් ගැන කැමැත්තක් නොවූවද ඔහු සමග අකමැත්තෙන් වුවත් බියෙන් එකට ජීවත්වූ බව දන්වා ඇත. 

තමා අවස්ථා කිහිපයකදී දික්කසාදය ඉල්ලුවත් එය ලබාදීමට ඔහු එකඟ නොවූ බවත් තමාට බුර්කාව ඇඳිමට පවා අණ කර තිබූ බවත් ඇය පවසා ඇත. 21 වනදා පිපිරුමෙන් පසු එදිනම උදේ 11.30 ට පමණ තමා ඇතුළු පිරිස සයින්දුමරුදු  ගිය බවත් තම අය මියයාම ගැන කම්පාවෙන් සිටි බවත් ඇය පවසා ඇත. ඇතුළෙන් සුදු ඇඳුම් ඇඳගෙන උඩින් කලු ඇඳුම අඳින්න මව දන්වා සිටි නිසා ගෙනවිත් තිබූ සුදු ඇඳුම් තමා ඇතුලු අය ඇන්ද බවත් එහි මරාගෙන මැරෙන බිරියන් තිදෙනෙකු සිටි බවත් ඒ ආකාරයට ඉක්තා ශෝකය සමරමින් සිටින අතර පොලිසියට ඉව වැටීමෙන් පසු අනෙක් අයට මරාගෙන මැරෙන්නට සිදුවූ බවත් ඇය දන්වා ඇත.

ඇයගේ ප්‍රකාශ අනුව ඔවුන් සුදු ඇඳුම් ඇඳගෙන තිබෙන්නේ ශෝකය සැමරීමටය. එසේම ගෙනවිත් තිබූ සුදු ඇඳුම් වලින් අඩුවූ සුදු ඇඳුම් එම අවස්ථාවේ මරාගෙන මැරුණ අනික් කාන්තාවන් පැළඳ සිටි බව ඇයගේ ප්‍රකාශ අනුව කියැවිණි.

සහරාන් ගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනාගෙන් ආරක්ෂක අංශ ප්‍රහ්න කිරීම් කළද වැඩි තොරතුරක් ලබාගන්නට තවම හැකිවී නැත.

'තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…” යැයි ඇය එක්වරක් පවසා ඇත.

දැනට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන මෙම දෙදෙනා විශේෂ පොලිස් ආරක්සාව යටතේ රඳවා සිටින අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් ඉදිරියටත් සිදුවේ.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook