Featured News

Video Gossip

Advertisement

ප‍්‍රබල දේශපාලනඥයෝ සෑහෙන පිරිසක් මගෙන් ලොකු ලොකු උදව් උපකාර ගත්තා. ඒත් ඒ අය මට උදව් නොකර මග ඇරියා යැයි පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත. ඇතැම් දේශපාලනඥයන්ට මිල මුදලින් උදව් උපකාර කළ බවත් ඇතැමෙකුට මැතිවරණ පැවැති සමයන්වලදී උපකාර කළ බවත් මධුෂ් පවසා තිබේ.

මාකඳුරේ මධුෂ් පැවැත් වූ දේශපාලන සබඳතා රැසක් පිළිබඳව මේ වන විට තොරතුරු හෙළි කර ඇති බවත් තවත් ඉතාම වැදගත් තොරතුරු රැසක් ඔහුගෙන් හෙළි කර ගැනීමට නියමිතව ඇති බවත් පොලිසිය පවසයි.

මාකඳුරේ මධුෂ් සමග සමීප සබඳතා පැවැත් වූ පසුගිය රජයේ දකුණේ ප‍්‍රබල දේශපාලනඥයන් කීප දෙනෙකු වෙත චෝදනා එල්ල වී තිබිණි.

ඇතැම් දේශපාලනඥයන් ඩුබායි රාජ්‍ය වෙත පවා ගොස් මධුෂ් මුණගැසී විවිධ උදව් උපකාර ලබාගත් බවටද තොරතුරු හෙළි වී ඇත.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තම්න්තුව දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර ඉදිරියේදී ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත හැකි වෙතැයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements