Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


කුරුණෑගලදී අත්අඩංගුවට ගත් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ කිරීමටත් පෙර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ඔහු නිර්දෝෂී පුද්ගලයකු කිරීමට සුදුහුණු ගාන බව පාර්ලිමේන්තමන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට පෙර අසාද්සාලි ආණ්ඩුකාරවරයා එළියට පැනලා වෛද්‍යවරයා ශුද්ධවන්තයකු කිරීමට ප‍්‍රකාශ නිකුත් කරන බවත් ඒ මහතා කීහ.

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් දිවයින පුවත්පත කළ හෙළිදරව්වට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවය හා ස්තුතිය පිරිනැමන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍ය රටට ඇත්ත ඇති සැටියෙන් පෙන්වන විට මාධ්‍ය ආයතනයේ බෙල්ල කැපීමට සුදානම් වන බව කී මන්ත‍්‍රීවරයා මෙම පුවත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා මෙවැනි පුවතක් පළ වුණේ කෙසේද ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරනවාද කියා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි බවත් කීවේය.

මේ උත්සාහ කළේ දිවයින පුවත්පතට හා එම ප‍්‍රවෘත්තිය පළ කළ මාධ්‍යවේදියාට ප‍්‍රශ්නයක් ඇති කිරීමට බව කී මන්ත‍්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ මේ හැසිරීම පිළිබඳව ඇත්තේ හිරිකිතයක් බවත් පැවසීය.

සත්‍ය හෙළිදරව් කිරීම වෙනුවෙන් මාධ්‍යවේදී ඔබ සම`ග විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පෙනී සිටින බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙැනි ප‍්‍රකාශ කරන මේ ආණ්ඩුකාරවරයා රකින දේශපාලන හස්තය කුමක්දැයි ප‍්‍රශ්න කළ රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයා මොහු කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගන්නා බවත් ඔහු සම්බන්ධව ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳව මුළු රටම බලා සිටින බවත් කියා සිටියේය.

මෙයට පෙර අධිකරණයට අපහාස වන අයුරින් මේ ආණ්ඩුකාරවරයා කතා කර තිබෙන බවද ඒ පිළිබඳව පොලිසිය හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඔහුගෙන් ප‍්‍රකාශයක්වත් ගෙන නොමැති බවත් හෙතෙම පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (27 දා* පැවැති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook