Advertisement

වයඹ පළාතේ හා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇති වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කිහිපයක ප‍්‍රබලයන් සිටින බව රාජ්‍ය බුද්ධි අංශ රජයට දැනුම් දී තිබේ.

එමෙන්ම වෙසක් උත්සවය මුළුමණින්ම කඩාකප්පල් කිරීම එම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හි තවත් අරමුණක් වී ඇතැයි ද, එම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉතා සැලසුම් සහගතව සිදු කර ඇතැයි ද බුද්ධි අංශ විසින් ලබා දී ඇති වාර්තාවේ සඳහන් වී ඇත.


සිද්ධියට අදාළ බුද්ධි වාර්තා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඊයේ (15) වැනිදා බාර දුන්නේය. පාස්කු ප‍්‍රහාරයෙන් සති 3 ක් ගතවී තිබියදී වෙසක් සතියේම ඉහත සිද්ධීන් ඇති කිරීම මගින් වෙසක් උත්සවය කඩකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වූ බව ඉහත බුද්ධි අංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අයි.එස්.අයි.එස් සංවිධානයේ මරාගෙන මැරුණු කණ්ඩායමේ නායක මොහොමඞ් කාසිම් මොහොමඞ් සහරාන්ගේ බිරිඳකගේ ගම වන හෙට්ටිපොල ප‍්‍රදේශයේ කඩාකප්පල්කාරී සිද්ධීන් ඇති කර ඇත්තේ ඉතාමත් හොඳින් සංවිධානය වී බව ද රාජ්‍ය බුද්ධි වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව පිළිබඳව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ දහවල්ම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සමග සාකච්ඡුා කර ඇත.

අකිත පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements