Featured News

Video Gossip

Advertisement

නාත්තන්ඩිය තුම්මෝදර ප‍්‍රදේශයේ පල්ලියකට පහරදීමට පැමිණි බව කියන පිරිසකට එලෙස පැමිණීමට අවශ්‍ය උපකාර කළ බව කියන ආරක්ෂක අංශ නිලධාරියෙකු යයි සැකකළ හැකි අයෙකු ගැන පරීක්ෂණයක් ඇරඹී තිබේ. යුද හමුදා නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇඳගත් 

පුද්ගලයකු වටපිට පරීක්ෂා කර අතින් සංඥා කර පිරිස කැඳවන අයුරුත් පසුව රංචු වශයෙන් පැමිණි පිරිස ගල්මුල් එල්ල කර පල්ලියට පහරදෙන අයුරුත් සීසීටීවී දර්ශනවල පටිගතවී තිබේ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරයවූ මෙම දර්ශන ඔස්සේ මෙම පුද්ගලයා කවුද යන්න සෙවීමට යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දැනට සිදුකරන පරීක්ෂණවලදී මෙම පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයා මාර්ග ගන්නා බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

එම වීඩියෝවේ ආරක්ෂක අංශ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා යුද හමුදාව මහජන සහය පතන අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංශයේ අංක - 0112-514280 වෙත දැනුම් දෙන ලෙසට යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ වීඩියෝව පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements