මේ වනවිට රටේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට පත්වෙමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අපවත් වී වදාල පුජ්‍ය අලුත් නුවර සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුවද මහින්ද පිලේ බොහෝ මන්ත්‍රීවරු සඳහන් කරන්නේ රටේ ආරක්ෂක තත්වය තවමත් යහපත් නොමැති බවය.
එම නිසා පාසල් ආරම්භ කිරීමද කල් දමන ලෙස එම මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ ය. රටේ ආරක්ෂක තත්වය යළි යතා තත්වයට පත් කිරීමටනම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ආ යුතු බවද එම මන්ත්‍රීවරු පුන පුනා කියති.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පවසන්නේ මේ වනවිටත් රටේ ආරක්ෂක තත්වය යතා තත්වයට හැරෙමින් පවතින බැවින් සැකයකින් බියකින් තොරව තම දෛනික කටයුතු සිදු කරණ ලෙසය.

