Advertisement

පසුගිය පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ සහෝදරයෙක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය දන්වා තිබේ.

බෝම්බකරුගේ බාල සහෝදරයා සහ සහෝදරිය මෙලෙස හසුව ඇත. සැකකාර 20 හැවිරිදි සහෝදරයා පානදුර ගුවන් නියමු පාසලක පුහුණුව ලබා ඇති අයකු වන අතර 23 හැවිරිදි සහෝදරිය මෝදර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කරන්නියක බවද අනාවරණයවී තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් ඇතුළු සහෝදර සහෝදරියන්ට කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ප්ලාස්ටික් බඩු කර්මාන්ත ශාලාවක් හිමි බව මින් පෙර සිදු කළ පරීක්ෂණ වලදී හෙළිවිය. එහි හිමිකරු ඔවුනගේ පියා වුවත් මාමා කෙනෙකු එහි කළමනාකරු ලෙස සියලු වගකීම් බාරගෙන කටයුතු කළ බවද පැවසුණි.

අලව්දීන් අහමඩ් මුවාත්ට ත්‍රීරෝද රථවලට ඉන්ධන අලෙවි කරන කුඩා ඉන්ධන පිරවුම් හලක් පැවති බවද පැවසුණි. ඔහු සමග ගනුදෙනු කරන ත්‍රීරෝද හිමියන් දන්වා තිබුනේ ඔහු අන්තවාදී අදහස් ඇති අයෙකු ලෙස කිසිසේත් හඳුනාගන්නට අපහසු බවයි. ඔහු ඉතා හොඳින් සියලු ජාතිකයන් ඇසුරු කරමින් කල්ගෙවූ බවද පවසා තිබුණි.

අලව්දීන් අහමඩ් මුවාත් තව්හීද් ජමාත්, අයිඑස් සංවිධානයට සම්බන්ධව සිට ඇත්තේ රහසිගතව බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. අද අත්අඩංගුවට පත් ඔහුගේ සොයුරා හා සොයුරිය මෙම සංවිධාන වලට දක්වන සම්බන්ධය සොයාබලන බව මට්ටක්කුලිය පොලිසිය දන්වා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements