Advertisement

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදු කළ කල්ලියේ නායක සහරාන් හෂීම් ස්ථිර වශයෙන්ම මියගිය බවට සාධක ඇතැයි අන්තර්ජාතික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අධ්‍යයන ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.

ත්‍රස්තවාදී සංවිධානයේ ඉතිරිව ඇති සාමාජිකයන්ගේ මානසික ශක්තිය ස්ථාවරව පවත්වා ගැනීම ද මෙමගින් අපේක්‍ෂිත බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

සහරාන්ගේ මරණය සම්බන්ධයෙන් පවතින විවිධ මත පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු මේ බව කියා කියා සිටියා.

සහරාන් හෂීම්, ෂැංග්‍රීලා හෝටලයේ සිදු කළ ප්‍රහාරයේ දී මියගියේ ද යන්න ගැන සැක පළ කරමින් මාධ්‍ය වාර්තා පළවී තිබුණා.

ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රධානියෙකුගේ මරණය සිදුවූ විට විවිධ මතභේදාත්මක අදහස් හා ප්‍රවෘත්ති පළවීම ගෝලීය වශයෙන් දැකගත හැකි තත්වයක්.

උදාහරණ ලෙස කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙල්ලමුල්ලි වයික්කාල්හිදී මිය නොගිය බව ප්‍රකාශ කිරීමට දකුණු ඉන්දීය ඇතැම් මාධ්‍ය උත්සුක වුණා.

එමෙන්ම, අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අමෙරිකානු ප්‍රහාරයෙන් මරුමුවට පත් නොවූ බවට පැවසෙන මතවාද අදටත් පවතී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements