Advertisement

පාස්කු ඉරිදා(21) එල්ල කළ ත්‍රස්ථ ප්‍රහාර මාලාවට සැළසුම්කළ බවට සැකකෙරෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ මිතුරෙකු සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය බුද්ධි අංශ සිදුකළ දැනුම්දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සෞදි බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් සහරාන්ගේ මස්සිනා සෞදි අරාබියට ගොස් ඇත්තේ ෂහනවාජ් යන නමින් පෙනී සිටිමින් බවත් ඉන්දීය බුද්ධි අංශ සෞදියට දැනුම් දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රහාරය සම්බන්ධව ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන අතර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ද දියත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට ඉන්දීය ආරක්ෂක අංශ විසින් මේ වනවිටත් පුද්ගලයන් දෙදෙනෙකු එරටදී අත්අඩංගුවට ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements