Advertisement

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා රේගු නීති උල්ලංඝණය කරමින් තමන් සන්තකයේ තබාගෙ සිටි අති සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන නිලධාරීන් සහ රේගු නිලධාරීන් එක්ව කටයුතු කර තිබේ.

අති නවීන සුඛෝපභෝගී මෝටර් රථයක් වන මෙය කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ගෙන්වා ඇති මෝටර් රථයක් බවද වාර්තා වේ. මෙය පසුගිය කාලයේ කුමන ආකාරයෙන් කටයුතුකළේද යන්න පරීක්ෂණයනක්ද ආරම්භ කර ඇතැයිද පැවසේ.

යම් පුද්ගලයෙක් පිටරටකදී පාවිච්චි කළ මෝටර් රථයක් මෙරටට යම් කිසි නිශ්චිත කාලයක් සඳහා, බොහෝවිට අවුරුද්දකට හෝ දෙකකට ගෙන්වා එම කාලය අවසන් වූ පසු නැවත අදාළ රටට රැගෙනයාමේ නීතියක් පවතී එයට රේගුව හඳුන්වන්නේ “කානේ” ක්‍රමය ලෙසය. එම රථවාහන සඳහා තීරු බදු අයකිරීමද සිදු නොකෙරේ.

අසාද් සාලි මහතා සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත්තේද එම පහසුකම යටතේ මෙරට ගෙන්වන ලද මෝටර් රථයක් වන අතර එය මෙරට පාවිච්චි කළ හැකි කාලය අවසන්වී තිබයදීත් අදාළ රට වෙත ආපසු රැගෙන නොයා අසාද් සාලි මහතාට අයත් ස්ථානයක ගාල් කර තිබි ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements