Advertisement

මාතලේ බලකඩුව වැලිකන්ද ප්‍රදේශයේ අද(04) දින දහවල් සිදුවු විශාල පිපිරුම් ශබ්දය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

ප්‍රදේශයේ පුද්ගලයකු විසින් තම වගා බිම ආරක්ෂා කිරිම සදහා රිලවුන් එලවිම සදහා අඟල් 8ක පමණ බටයක රතිඤ්ඤා කරල් දමා ඇති බවත් මේ නිසා අධික ශබ්දයක් පිටවු බවද එම පුද්ගලයා පවසා ඇති නමුත් ඊට වඩා විශාල ශබ්දයක් ඇති වූ නිසා මෙම මෙහෙයුම් ආරම්භ කර ඇත.

ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටා ඇති මෙම ප්‍රදේශයේ පිපිරුම් ශබ්දය උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බෝවත්ත,වරකාමුර,කළල්පිටිය,බලකඩුව ආදි ගම්මාන රැසක ජනතාවට ඇසි ඇති අතර මේ නිසා ඔවුන් භීතියට පත්ව ඇත.

අදාළ පුද්ගලයාගෙන් මේ වනවිට පොලිසිය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර මාතලේ හා අලවතුගොඩ පොලිසි සහ යුද හමුදාව එක්ව තව දුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියි.


ඡායාරූපය අන්තර්ජාලයෙනි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements