තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් සීඩී පට සමඟ වෛද්‍යවරයෙකු කොළඹදී අත්අඩංගුවට
Arrested
,
gossip lanka
,
local
,
News
තව්හිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් සංයුක්ත තැටි කිහිපයක් ළඟ තබාගෙන සිටි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා නිළධාරීන් විසින් වෛද්‍යවරයාගේ වාහනය පරීක්ෂා කිරීමේදී මෙම සංයුක්ත තැටි කිහිපය සොයාගෙන ඇති අතර ඉන් එක් සංයුක්ත තැටියක තව්හිත් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත්ව තිබී ඇත.
පසුව වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් වෛද්‍යවරයා නැවතී සිටින ස්ථානය පරීක්ෂා කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවත් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

