Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීම ජනාධිපති සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න හා කබිර් හෂීම් යන අමාත්‍යවරුන් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිට පවසා ඇත්තේ කිසිම හේතුවක් මත ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබානොදෙන බවයි .

කෙසේ වුවත් නීතිය හා සාමය අමාත්‍යාංශය වෙනත් අමාත්‍යවරයෙකුට පැවරීමේ සූදානමක් ගැන මාධ්‍ය වාර්තා පළවූවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ එළැඹෙන ජනාධිපතිවරණය දක්වා අදාල අමාත්‍යාංශය ජනාධිපති යටතේම තබාගනු ඇති බවයි .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements