Advertisement

වත්මන්ආණ්ඩුව නිසියාකාරව සිදු කළේ විදුලි කප්පාදුව සහ තෙල්මිල සූත්‍රය පමණක් බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (01දා) පැවසීය.ප්‍රභාකරන්ගෙන් මුදවා ගත් රට අනාගත පරපුරට ජීවත්වීමට සුදුසු පරිදි පවත්වාගෙන යා යුතු බවත්,ඊළඟ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවා ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට සූදානම් බවත් විපක්‍ෂනායකවරයා සඳහන් කළේය.

‘කම්කරු අයිතීන් සුරකිමු,තස්තවාදය පරදවමු,ජාතික සමගිය ගොඩනගමු’ මැයෙන් කෝට්ටේ නගරසභා ශාලාවේ පැවැති ඒකාබද්ධ මැයි දින සැමරුමට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

“ජේ.ආර්.ජයවර්ධනගේ ආණ්ඩුව මුලින්ම 1988දී මැයි දිනය තහනම් කළා.දිනේෂ්ලා එම තහනම කඩලා මැයිදින රැස්වීමක් පැවැත්වුවා.මම කම්කරු ඇමතිවෙලා සිටියදී අපේ ආණ්ඩුව යටතේ 1996දී යළිත් වරක් මැයි දිනය තහනම් කළා.වාසුලා එම තහනම් නොතකා එදා පෙළපාළි ගියා. අද ඒ විදියටම මැයි දිනය තහනම් කර තිබෙනවා.ලෝක කම්කරු දිනය සැමරීමට අපට අයිතියක් තිබෙනවා.

නමුත් එක්සත් ජාතික පක්‍ෂයට කම්කරුවන් සැමරීමට වුවමනාවක් නැහැ.ඒ අය ඕනම අවස්ථාවක ලෑස්තියි මැයිදිනය තහනම් කිරීමට.මේ වනවිට රටේ ආර්ථිකය සෝමාලියාවට වඩා කඩාවැටිලා. බෝම්බකරුවන් නිසා ජනතාවට භීතියෙන් ජීවත් වෙන්න සිදුවෙලා.මෙය නවත්වන්න මේ අයට ලැබුණු බුද්ධි අංශ තොරතුරු අනුව කටයුතු නොකිරීම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා.

අද බුද්ධි අංශ ඇතුළු ත්‍රිවිධ හමුදාව පරක්කුවෙලා හරි ත්‍රස්තවාදීන් මර්දනය කරමින් යනවා.අපි අපේ හමුදාව ගැන විශ්වාසය තැබිය යුතුයි.පිටරටින් උපදෙස් ගත්තට කමක්නෑ, ඒ අයගෙ හමුදාවන්ට මෙහේ ඇවිත් ඉන්න බැහැ.අපේ මිනිස්සු ගැන අපි විශ්වාසය තැබිය යුතුයි. රටේ සම්පත් විදේශිකයන්ට විකිණීම නතර කර සියලු දෙනා එක්ව මේ රට ගොඩනැගිය යුතුයි.මේ ආණ්ඩුව හරියට කළේ ලයිට් කපපු එකයි,තෙල්මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම පමණයි.මේක ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙමෙයි.ඔවුන්ගේ එකම පරමාර්ථය පළිගැනීම පමණයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements