Advertisement

සුප්‍රසිද්ධ දෙව් මැදුරකට සහ ගිහි අපෝස්තලික සේවා ආයතනයකට යළිත් පහරදීමට සුදානමින් සිටින බවට විදෙස් ඔත්තු සේවා විසින් දැනුම්දී ඇති බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ අගරදගුරු පදවියේ සියලූම කතෝලික පෞද්ගලික පාසල් සහ දේවස්ථාන ලබන සතියේද වසා දැමීමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් දැනුම් දී තිබෙනවා.

මේ අනුව ලබන ඉරිදා කතෝලික දෙව් මැදුරුවල දේව මෙහෙයන් නොපවත්වන අතර යළි දැනුම් දෙනතුරු කොළඹ අගරදගුරු පදවියේ කතෝලික පාසල් වසා දැමෙනු ඇතැයි වාර්තා වනවා.

රටේ පවතින ආරක්‍ෂිත තත්ත්වය පිළිබඳ අවදානම මෙතෙක් පහව ගොස් නැති නිසා මෙම පියවර ගත් බවයි එඞ්මන්ඞ් තිලකරත්න පියතුමා සඳහන් කළේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements